1) LOST ( 2004 - 2010) [ ABC]
මෙතෙක් නිර්මාණය වූ කතා මාලාවලින් අමුතුම ආකාරයක කතාවක් මේක. මේක 2010 අවසාන වුණත් 2020 අවුරුද්ද වන මේ දක්වාත් මෙහි අවසානය ගැන මිනිස්සු තවමත් කතා කරනවා. මොකද මේක බලපු හැම කෙනාම වගේ Lost වෙලා තමා නවතින්නේ. 😂 ගුවන් යානවක් පාලු දුපතකට වැටිලා ඒ හිටපු මගීන් මේ දූපතේ කරදරවලින් ආරක්ෂා වෙන ආකාරය තමා මේකේ තියෙන්නේ. හැබැයි පස්සේ මේ කට්ටියට තේරුම් යනවා මේක එසේ මෙසේ දූපතක් නෙවෙයි කියලා.
මේ කතාමාලාවේ හැම කොටසක්ම ඉවර වෙන්නේ මොකක් හරි කුතුහලයකින්. මේ කතා මාලාව කොච්චර හොදට සැලසුම් කරලා තියෙනවාද කියනවනම් Season 1 Ep 1 වල සිද්ධ වූණ සමහරක් සිද්ධි අපිට තේරුම් යන්නේ අවසාන සීසන් එකේ (Season 6) අවසාන කොටස් වලදී. ඉතින් හිතන්නකෝ කොහොම කතාවක් මේකේ ඇතිද කියලා.
මුලදි මම මේකේ අවසානය ගැන කිව්වනේ. අදටත් මේක බලපු 90% මේකේ අවසානය ගැන හිතාගන්න බැරුව ඉන්නේ. 😂 ඇමරිකානු අධ්‍යක්ෂකවරුන් කතුවරුන්ට පවා මේක බලලා ඔලුව විකාර වූණාලු😂 ඉතින් අපි ගැන කවර කතාද?
ඒ වගේම මේ කතාව ලියන්න Star Wars ලියන්න දායක වෙච්ච JJ Abrams සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් Star Wars බලපු අයට හිතාගන්න පුළුවන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. 😂 හරි ඔන්න බලපු නැති අය අනිවා බලන්න. බලපු අය තමන්ගේ අත්දැකීමත් කියන්න.
2) Riverdale ( 2017 - ) [CW / Netflix Show]
Crime Tv series වල ඔටුනු නොපලන් කුමරිය යන විරුදාවලියත් එක්ක මේ කතා මාලාවත් කුතුහලයත් එක්ක පවුලේ සැමට බලන්න පුළුවන් කතාවක්. උසස් පාසලක සිසුන් කොටසක් වටා තමා මේ කතාව ගෙතිලා තියෙන්නේ. ත්‍රාසය, භීතිය, කුතුහලය, ආදරය මේ ඔක්කොම එකම තැනකින් ඕනි නම් Riverdale අනිවාර්යයෙන්ම බලන්න. ඒ වගේම මේකේ පට්ට කෑලී ටිකකුත් ඉන්නවා. බෙටී, වෙරෝනිකා, ෂෙරිල් 😍😅
සීසන් 4 ක් තමයි දැන් යන්නේ. ෂෙරිල්ගේ නිවුන් සහෝදරයා ජේසන් බ්ලෝසම්ගේ අභිරහස් මරණෙන් පටන් ගන්න මේ කතාවේ ඉදිරියට The Black Hood, Gargoyle King, Edgar Evernever ආදී ප්‍රශ්න වලට මේ සෙට් එක මුහුණ දෙන විදිහ තමා මේ කතා මාලාවේ තියෙන්නේ.
ඒ වගේම තමා Killing Adventure os Sabrina සහ Katy Keene කියන්නේ මේ Riverdale කතා මාලාවේ Spin-offs. ඉදිරියේදී Riverdale හා Sabrina කතා මාලාවල Crossover එකකුත් යන බවට Rumours යනවා.
කොහොමෙන් කොහොම හරි වැඩි දෙනාගේ ඉල්ලීම මත ඔන්න Subzlk එක නැවතත් මේකට Sub දෙන්න පටන් අරන් තියෙනවා. ඒක නිසා සබ් නැති නිසා මේක නොබැලුවානම් අනිවා මේක බලන්න පටන් ගන්න.
![]() |
| One Breath Tv shows- Part 1 |

No comments:
Post a Comment